සිරකරුවන්ට STF ආරක්ෂාව

ඔක් 15, 2018

    බන්ධනාගාර ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය අද (15) සිට යෙදවීමට නියමිත බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බන්දු ජයසිංහ මහතා පවසයි.

    පළමු අදියර යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා භටයින් 300ක් බන්ධනාගාර 3කට අනුයුක්ත කිරීමට නියමිතය.

    වැලිකඩ සහ මැගසින් බන්ධනාගාර සඳහා භටයින් 200ක්ද, අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය සඳහා භටයින් 100ක් අනුයුක්ත කරනු ඇති අතර බන්ධනාගාර තුළට පිටතින් පැමිණෙන නීති විරෝධී දේ වැළැක්වීම, ආරක්ෂාව තර කිරීම හා වෙනත් අක්‍රමිකතා මැඩපැවැත්වීම මෙහි ප‍්‍රධානතම අරමුනු වී ඇති බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියි.

    Last modified on බදාදා, 17 ඔක්තෝබර් 2018 09:04

    Latest News