වර්ජනය මැද දුම්රිය 6ක් ගමනේ - ලංගම නිවාඩු අවලංගුයි

සැප් 26, 2019

    update- දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක වුවත් කාර්යාල දුම්රිය 6ක් අද(26) උදෑසන ධාවනයට එක් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    දුම්රිය වෘත්තිය සමිති ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයක් ආරම්භ කර තිබේ. 

    දුම්රිය වර්ජනය හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරිමට තීරණය කර තිබේ. 

     රජය දුම්රිය සේවකයන්ගේ ඉල්ලීම් ලබාදීමට කටයුතු කරමින් සිටින මොහොතක වැඩවර්ජනයකට යාම ඉතා අසාධාරණ බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි. ශ්‍රී ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති අතර, වර්ජනයට මුහුණදෙන බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ. දුම්රිය වර්ජනයෙන් රාජකාරී කටයුතුවලට යන සේවකයන් හා මගී ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව තිබේ. ඊයේ රාත්‍රී තැපැල් දුම්රියන් ධාවනය කෙරුණේ නැත. අද උදේ ගාල්ලේ සිට කාර්යාල දුම්රිය දෙකක් කොළඹ කොටුව දක්වා ධාවනය කෙරිණ. සෙසු මාර්ගවල ද ධාවනයට දුම්රියන් එක්කල බවයි, දුම්රිය ආරංචි මාර්ග පවසන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2019 11:11

    Latest News