වාර්තා කඩිනම් කිරිමට ඇමති නිමල්ගෙන් රස පරික්ෂකට උපදෙස්

දෙසැ 02, 2019

    රස පරීක්ෂක දෙපාර්තමේන්තු වාර්තා ප්‍රමාදයෙන් අධිකරණයේ නඩු විසදීමේ ප්‍රමාදය වැළැක්වීමට රස පරික්ෂක වාර්තා කඩිනම් කිරිමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට අද (02) එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම උපදෙස් ලබා දීම සිදු කළේය.

    රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සදහා නවීණතම උපකරණ හා පරීක්ෂණාගාර ලබා දි ඇති බවත් එව ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණාගාර හා උපකරණ පවත්නා බවත් අමාත්‍යවරය නිරීක්ෂණය කරනු ලැබිණ.

    පසුගිය වසර 02 තුළදී අධිකරණයෙන් මත්ද්‍රව්‍ය අංශයේ රස පරික්ෂක වාර්තා ඉල්ලිමේ ප්‍රමාණ සියයට එක සිය පනහකින් පමණ වැඩිවීමක් ඇති බවත් නිරීක්ෂණය කෙරිණ. මෙම ප්‍රමාදය වැළැක්වීම සදහා රස පරීක්ෂක දෙපර්තමේන්තුව වෙත දැනට අනුමත 31 දෙනෙක් පමණ වු අමතර කාර්ය මණ්ඩලය වහාම බදවා ගැනීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත.

    බදවා ගැනීමේ ක්‍රියාවලිය අවසන් වන තෙක් දැනට රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සිය සාමාන්‍ය සේවා මුරයට අමතරව සවස් කාලයේ දී හා සති අන්තයේදී අමතර රාජකාරී කටයුතු ඉටු කොට වාර්තා ලබාදීම කඩිනම් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය. ඒ සදහා පැහැදිලි ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් අමාත්‍යවරයා දැනුම් දෙනු ලැබිණ.

    රස පරීක්ෂක වාර්තා ලබාදීම පිළිබදව දැනට පවතින නීතියේ ඇති අඩු පාඩු පිළිබදව රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කරුණු ඉදිරිපත් කළේය. එම කරුණු පිළිබදව නීතිපතිවරයාගේ අවධානය යොමු කරමින් අවශ්‍ය නීති සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

    මෙම වර්ෂයේ දෙසැම්බර් මස අවසන් වන විට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාවක් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කරන ලෙසත් ඉන් අනතුරුව සෑම මසකම රස පරීක්ෂක වාර්තා සැපයීමහත් එහි ප්‍රගති ලේකම්වරයා අධික්ෂණය කළ යුතු බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරන්‍ය කළේය.

    රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් කරනු ලබන පරීක්ෂණ වාර්තා විශ්ව විද්‍යලයන්හි රසායනාගාර හිදී ද සිදු කිරීමට අවකාශ ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා අවශ්‍ය නම් නීති ප්‍රතිපාදනයන් සංශෝධනය කර හෝ එම ආයතන තුළින් ද මෙකී වාර්තා ලබා ගැනීමට හැකි ක්රයමවේදයක් පිළිබදව සොයා බැලිය යුතු බවත් එමගින් රස පරීක්ෂක වාර්තා ලබා ගැනීම ඉක්මන් කළ හැකි බවත් පෙන්වා දෙන ලදී. මේ පිළිබදව විශ්ව විද්‍යාල සමග සාකච්ඡා කොට තමා වෙත වාර්තා ලබා දෙන ලෙසත් ලේකම්වරයා දැනුවත් කරනු ලැබිණ.

    Last modified on අඟහරුවාදා, 03 දෙසැම්බර් 2019 10:00

    Latest News