මියගිය හෝ විදේශගත වුවන්ගේ තොරතුරු මැතිවරණ කොමිසම ඉල්ලයි

සැප් 25, 2019

    මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද අවභාවිතය වැලැක්වීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව විසින් මිය ගිය හා විදේශගත ඡන්දදායකයින්ගේ තොරතුරු ලබා ගැනීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව 2018 වර්ෂ ඡන්ද හිමි නාමලේඛනයේ ගෘහයේ නම් ඇතුළත් ඡන්දදායකයන් අතරින් 2019.10.01 දින වන විට මිය ගිය හෝ විදේශගත ඡන්දදායකයන්ගේ තොරතුරු 2019.10.05 දිනට පෙර අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙත දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Last modified on බදාදා, 25 සැප්තැම්බර් 2019 16:54

    Latest News