හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට CIDයට ප්‍රකාශයක් දෙන්නැයි නියෝග

සැප් 25, 2019

    පුද්ගල පැහැරගැනීමකට සම්බන්ධ පරීක්ෂණයකට අදාළව ලබන 26 සභ 28 යන දෙදින තුළ රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙස හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට නියෝග කර තිබේ.

    ඒ අතර 2008 - 2009 වසරවල දී පුද්ගලයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සැකකරු තවදුරටත් ලබන ඔක්තෝබර් මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

    ඒ සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට ලබන 26 සභ 28 යන දෙදින තුළ රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලබා දුන් ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගත යුතු බවත් ඒ සඳහා අවසර ලබා දෙන ලෙසත් රහස් පොලිසිය අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමට මහේස්ත්‍රාත් වරයා මෙලෙස අවසර ලබා දුන්නේය.

    සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී. කේ. පී. දසනායක, නිලන්ත සම්පත් මුණසිංහ, ලක්ෂ්මන් උදය කුමාර, නලින් ප්‍රසන්න වික්‍රමසූරිය,වී අයි ධර්මදාස,කේ කිත්සිරි, තුෂාර මෙන්ඩිස්, හෙට්ටිහැන්නදි, ඇන්ටන් ප්‍රනාන්දු,ජනක කුමාර ඇතුලු ඇප මත මුදා හැර සිටි
    ඔවුන් සම්බන්ධයෙන් වන නඩුව ලබන නොවැම්බර් 13 වනදා කැදවන ලෙස මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.

    Latest News