ජීවිතයක් බිලිගත් ‘කන් සිදුරා‘ වන ජිවියට මාට්ටු

සැප් 25, 2019

    ආණමඩුව - මහකුඹුක්කඩවල ගම්මාන ගණනාවක ජනතාව භිතියට පත් කරමින් ජීවිතයක් බිලිගත් ‘කන් සිදුරා‘ නමින් හදුන්වන සද්ධන්තයා වන ජීවි නිලධාරීන් විසින් අල්ලා හොරොව්පතාන අලි සුරැකුම් මධ්‍යස්ථානයට බාරදී තිබේ.

    ඊයේ (24) දවස පුරා පැවති දැඩි වර්ෂාව මැද වනජීවි පශු වෛද්‍යවරුන් හා වනජීවි නිලධාරීන්ගේ මෙහෙයුමකින් පසුව අලියා අල්ලා ගෙන ඇත.

    වයස අවුරුදු 45 ක් පමණ වන මෙම වන අලියා අඩි නවයක පමණ උසකින් යුක්ත වන අතර මහකුඹුක්කඩවල ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාව භිතියට පත් කළ බව වනජිවි නිළධාරිහු පැවසුහ. අලියාගේ සිරුර පුරා වෙඩි ප්‍රහර ගණනාවක් දකින්නට ඇති අතර කන්වල තුවාළ සිදුරු ඇති බව වනජිවි නිළාධාරින් පවසති. වන අලිය පටවා ගත් ලොරි රථය වනයෙන් ඉවතට ගැනීමට යාමේදී මඩේ එරී එය ගොඩට ගැනීමටද විශාල හෙසෙක් දැරීමට සිදු විය.

    Latest News