සජිත්ගේ ඉල්ලීමට තිස්සගේ කැමැත්ත පලවේ: පක්ෂයේ ජයග්‍රාහනයට සැමට ඇරයුමක්

සැප් 25, 2019

    තිස්ස අත්තනායකට මහතා යළි එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වන ලෙස නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ කළ එල්ලීම පිළිගනිමින් පිලිතුරු ලිපියක් යොමු කර තිබේ. විවිධ හේතුන් මත එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සිටින පක්ෂයේ සාමාජිකත්වයට යළි පක්ෂය සමඟ එක්වන ලෙස කළ නිහතමානී ඉල්ලීමට සමස්ථ සාමාජිකත්වයේ ගෞරවය හා ප්‍රසාදය හිමිවන බව ඔහු සිය ලිපියේ සඳහන් කර ඇත.

    එක්සත් ජාතික පක්‍ෂයෙන් ඈත්වූ සියලු දෙනාට රට ගොඩනැගීමේ වැඩසටහනට යළි එක්වන ලෙස නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් ඊයේ ඉල්ලා සිටියා.

    විවිධ මතවාදයන් හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂයෙන් ඈත්ව සිටින බොහෝ පිරිසක් පක්‍ෂය වෙනුවෙන් කටයුතු කිරීමේ අපේක්‍ෂාවෙන් සිටින බව ඔහු එම නිවේදනයෙන් කියා සිටියේය. මතවාද යනු සාකච්චා කොට විසඳා ගැනීමට කටයුතු කළ හැකි කරුණු මිස වෙන්වීමට සාධක නොවන බවයි ඔහු පවසා සිටියේ.

    පක්‍ෂයේ ක්‍රියාකාරී ලෙස කටයුතු කළ, අසීරුතම අවස්ථාවේ පක්‍ෂයට ශක්තියක් වූ බිම් මට්ටමේ සිට පක්‍ෂ සංවිධාන ජාලය ගොඩනැගිය හැකි හිටපු මහලේකම් තිස්ස අත්තනායක මැතිතුමාට පක්‍ෂයේ අභිමානය ගොඩනගමින් රට ගොඩනැගීමේ වැඩසටහනට තමා සමඟ එක්වන ලෙස ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරන බව සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයෙන් දන්වා සිටියා.

    එම ආරාධනය පිළිගනිමින් පිළිතුරු ලිපියක් යොමු කළ තිස්ස අත්තනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඇත්වි සිටිමට සිදුවු හේතුන් ද එහ සඳහන් කර තිබේ. “ඉතිහාසයේ සිදුවූ සියලු අමිහිරි මතකයන් පසෙකලා සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්වනුයේ මාගේ දිවි දෙවැනි කොට සුරකීමට කැපවූ පක්ෂය සහ පාක්ෂිකයින්ගේ අපේක්ෂාව සඵල කිරීම යුතුකම සහ වගකීම වන“ බව සැලකන නිසාවෙන් බව ඔහු කියා සිටි. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනගන ශ්‍රී ලංකාවේ අනාගතය සවිමත් කිරීමට පක්ෂයෙන් ඈත්ව කටයුතු කරන සියල්ලන්ට එක්වන ලෙස ඔහු ආරාධනය කර සිටි.

    පක්ෂයෙන් ඈත්වු ජයග්‍රාහණය යලි ලබාදීමට සියලු ශක්තිය උපරිමයෙන් යොදවන බවත් ඒ කෙරෙහි තැබූ විශ්වාසයට උපරිම සාධාරණත්වය ඉටු කරන බවත් තිස්ස අත්තනායක මහතා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු නම් කොට ජයග්‍රාහනය කරවීමට ඔහු තුළ තිබූ බලාපොරොත්තුව ඉටුවන අවස්ථාවක් බැවින් යලිත් පක්ෂය සමඟ අත්වැල් බැද ගන්නා බවත් ඔහු ඇමති සජිත්ට යොමු කළ ලිපියේ සඳහන්වේ.

    Latest News