දිස්ත්‍රික් 08ක පවුල් 20000 කට වාර්ෂාවෙන් බලපෑම්: එක් අයෙක් මරුට

සැප් 25, 2019

    Up Date - දිවයිනට බලපා ඇති වැසි සහිත අයහාපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 08ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 61 බලපෑම් එල්ල වී තිබේ.

    මෙම දිස්ත්‍රික්ක 08 හි පවුල් 20000කට බලපෑම් ඇතිවි ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ අනුව විපත්ට පත්වුවන්ගේ සංඛ්‍යාව 80007 වන අතර එක් අයෙකු මිය ගොස් 06 ක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. කොළඹ සහ ගම්පහ පවුල් 4000ක් ආරක්ෂිත ස්ථානවලට යොමුකර තිබේ.

    අද පෙරවරුවේ ආපදා කළමනාකරණ මාධ්‍යස්ථායේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවදි මේ බව අනාවරණය කෙරිණ. ඊට රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ද එක්විය 

    වැසි ආපදාවෙන් විපතට පත්වුවන්ට සහන සැලසීමට රජය රුපියල් මිලියන 12ක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබාදී ඇත. හානියට පත් නිවාස සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 4.6 ක් වෙන්කර ඇති අතර ගාල්ලට රුපියල් මිලියන 1.6 සහ මාතරට මිලියන 3 ලබාදේ.  

    මේ අතර පවුල් 10000ක් නාය අවදානමට මුහුණ දි සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. නාය අනතුරු අවදානම ඇති පාසල් 18 ක් හඳුන්ගෙන ඇති ඉදිරියේදි ඒ පිළිබඳව ක්‍රියා කිරිමට රජය සැලසුම් කර තිබේ.

    ඉදිරියටත් වැසි සහිත කාලගුණ තත්වය පවතින අතර සුළගේ දිශාව මේ වන විට වෙනස්වි තිබේ.

    දිස්ත්‍රික් 08ක පුද්ගලයින් 14000 කට වාර්ෂාවෙන් බලපෑම් (10.20)

    පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 08කට බලපෑම් එල්ල වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, කොළඹ, ගම්පහ, නුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වලට වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වි ඇති බවයි.

    එයින් පුද්ගලයින් 140,00 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය. මේ අතර කළු, ගිං සහ නිල්වලා යන ගංගා වල සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ද තවදුරටත් ඉහල යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    ඕනෑම ආපදා තත්ත්වයට මුහුණුදිම සදහා සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

    Last modified on බදාදා, 25 සැප්තැම්බර් 2019 12:39

    Latest News