සවස් කාලයේ මි.මී 100 ඉක්ම වූ තද වැසි

ඔක් 28, 2021

    දිවයින ආසන්නයේ පවතින අඩුපීඩන කලාපය, ආසන්න වශයෙන් බස්නාහිර දෙසට ගමන් කර ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.



    ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    ඇතැම් ප්‍රදේශවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි ය.

    උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේ දී ද වැසි ඇති වේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    Latest News