ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි

මැයි 11, 2022

    තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

    ඒ අනුව, ඊයේ (10) රාත්‍රී 11.45 සිට අද (11) උදෑසන 10.00 වන තෙක් එම නිවේදනය වලංගු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඒ හේතුවෙන් දිවයිනේ නිරත දිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල තරමක් තද සුළං (40-50) පමණ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

    Latest News