අද රාත්‍රියේ තද වැසි හා ප්‍රබල අකුණු අවදානමක්

අප්‍රේ 13, 2022

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (13) රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    නැගෙනහිර, ඌව, උතුරුමැද සහ උතුර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

    එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරුව අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    Latest News