ලක්ෂයට අධික පිරිසක් පිඩාවට..සවස් කාලයේ වැසි

සැප් 26, 2019

    දිවයිනේ නිරිත දිග කොටසට පවතින තද වැසි තත්වයේ තරම අඩුවීමක් අද (26) දින සිට බලාපොරොත්තු විය හැකි අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    බස්නාහිර, දකුණ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයේ ද, මධ්‍යම වයඹ පළාත්වල ඇතැම් ස්ථානට මි.මී. 75 පමණ තරමක් තද වර්ෂාපතනයේ ද ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු පළාත්වල, විශේෂයෙන් සවස්කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් හිත වැසි ඇති විය හැකි.

    ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික ඇති විය හැකි තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

    දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් හිත වැසි ඇති වේ. මන්නරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ තද වැසි ද ඇති විය හැක. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත සිට දකුණ දක්වා වන දිශා වලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

    හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල පුත්තලම සිට මන්නාරම කන්කසන්තුරේ හරහා මුලතිවු දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

    ගිගුරුම් හිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලික රළු විය හැක. ධීවර නෞව්ක ප්‍රජාවට මේ පිළිබඳව අවධානයෙන් පසු වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2019 07:46

    Latest News