ලබන 26 දක්වා තද වැසි

ඔක් 24, 2022

    මධ්‍යම බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති  ගැඹුරු පීඩන අවපාතය ඊයේ සවස වන විට සුළි කුණාටුවක් දක්වා වර් ධනය වී තිබෙනවා. 

    එය, අද චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එ ෙමන්ම දිවයිනට බලපා අැති වැසි තත්ත්වය මෙම 26 දින දක්වා පවතිනු ඇතිබව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව පවසයි.

    දැනට පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් ජලාශ, දියඇලි, ගංඟා හා වැව්වල ජල මට්ටම ඉහළ ගොස් පැවතීම සහ විවිධ ප්‍රදේශවල අනතුරු බහුලව වාර්තා   ෙවයි.

    එමනිසා දියඇලි, වැව්, ගංඟා හා වෙරළ තීර ආශ්‍රිතව දිය නෑමෙන් වැළකින ෙලසත් අදාළ ස්ථාන ආශ්‍රිතව රාජකාරියේ නිරතව සිටින ජීවිතාරක්ෂක සහ ප්‍රජා පොලිස් නිලධාරීන් විසින් ලබාදෙන උපදෙස් පරිදි ක්‍රියා කරන ලෙසද ජනතාව ෙගන් ඉල්ලා සිටියි.

    Last modified on සදුදා, 24 ඔක්තෝබර් 2022 09:26

    Latest News