අධික වර්ෂාවෙන් මාතර ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවේ (වීඩියෝ)

සැප් 24, 2019

    කිරම ආරඔය මාකදුර හා රන්සෑගොඩ යන ප‍්‍රදේශ වලින් පිටාර ගැලිමෙන් කඹුරුපිටිය - මුලටියන මාර්ගය ජලයෙන් යටවි ඇත.

    ඊයේ රාත්‍රීයේ සිට මාතර - කඹුරුපිටිය මාර්ගය අකුරුගොඩ ප‍්‍රදේශයන්ද ජලයෙන් යටවි තිබේ.

    මේ අතර කඹුරුපිටිය ලේනබටුව වැව අවුරුදු 6 ක පසුව වාන් දැමිමට පවටන් ගෙන තිබේ. හේතුවෙන් අකුරැස්ස - කඹුරුපිටිය මාර්ගය ලේනබටුව ප‍්‍රදේශයේන ජලයෙන් යටව පවතින අතර මෙම වැව පිටාර ගැලිමෙන් කඹුරුපිටිය, ගෝදාව , පොහම්මුල්ල, සපුගොඩ, යන ප‍්‍රදේශ වල පහත් බිම් රැසක් ජලයෙන් යටව පවති. වැව පිටාර ගැලිම පිලිබදව ජනාතාව අවධානයෙන් පසුව වන ලෙස දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පවසයි.

    කද්දුව, වැල්ලතොට, කඹුරුපිටිය හා විටියල යන ප‍්‍රදේශ වල පහත් බිම් රාශියක් ජලයෙන් යටව පවති. නිල්වලා ගගේ පානදුගම ජල මාපකයේ අගය ඒකක 6.8 අගයක් බව මාතර අපදා කළමණාකරන ඒකකයේ කියා සිටි.

    matararain1 px 900 19 09 24

    matararain2 px 900 19 09 24

     

    Last modified on අඟහරුවාදා, 24 සැප්තැම්බර් 2019 14:46

    Latest News