රාජිත හා කිරිඇල්ල ජනාධිපති කොමිසම හමුවට (වීඩියෝ)

සැප් 24, 2019

    අමාත්‍ය රාජිත සේනාරත්න හා අමාත්‍ය කිරිඇල්ල මහතා අද(24) ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබිණි.

    2015න් පසුව ඇති වංචා දූෂණ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම ක්‍රියාත්මක වන්නේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය සිටයි. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උදේ 9.30 පමණ වන විට කොමිසම වෙත පැමිණියේය. ඖෂධ ආනයන කිරීමේදී සිදුව ඇතැයි කියන වංචාවක් පිළිබඳව මෙහිදී විමර්ශනය කෙරේ. වෛද්‍ය සංගමය විසින් රන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදු කරනු ලබන අතර ඇමතිවරයා පැය 8ක පමණ කාලයක් ප්‍රකාශන ලබා දී ඇත.

    අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කැඳවා තිබුණේ මාර්ග අමාත්‍යාංශයේ බඳවා ගැනීම් පිළිබඳව සිදුව ඇති අක්‍රමිකතාවයක් පිළිබඳව සොයා බැලීමටයි. එතුමා පැයක පමණ කාලයක් රැඳී සිට භූමියෙන් පිටව ගියේය.

    රාජිත පළමුවරට අද ජනාධිපති කොමිසමට - ‍(පෙ.ව.8:40)

    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව අද (24) පැමිණීමට නියමිතයි.

    නෙවිල් ප්‍රනාන්දු සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා රාජිත සේනාරත්න අමාත්‍යවරයා කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බවයි, වාර්තා වන්නේ.

    රාජිත සේනාරත්න අමාත්‍යවරයා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින පළමු අවස්ථාව ද මෙය වෙයි.

    Last modified on අඟහරුවාදා, 24 සැප්තැම්බර් 2019 20:11

    Latest News