අතුරුදන්වූ සෙබලාගේ සිරුර රන්දෙණිගල ජලාශයෙන් හමුවෙයි

සැප් 23, 2019

    හසලක, රන්දෙණිගල ජලාශයේ ආරක්ෂක රාජකාරීයේ නියුතුව සිටි හමුදා සෙබළෙකු දියේ ගිලී මියගොස් තිබේ.

    අදාළ හමුදා සෙබලා අතුරුදන් වීම ගැන පොලිසියට කළ පැමිණිල්ලකට අනූව කළ විමර්ශනයකදී ජලාශයේ පහළ වේල්ල අසළ අඩි 20ක් පමණ ගැඹුරු ජලයේ තිබී මෘත ශරීරය හමුවිය. රන්ටැඹේ හමුදා කඳවුරට අනුයුක්ත යුධ හමුදා සෙබළෙක් වන ඔහු 23 හැවිරිදි මාවනැල්ල, අළුත්නුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    මෘත ශරීරය මහියංගනය රෝහලේ තැන්පත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් හසලක පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සදුදා, 23 සැප්තැම්බර් 2019 10:23

    Latest News