දුම්රිය අද මැදියමෙන් අකුරට වැඩ

සැප් 19, 2019

    අද (19) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර තිබේ. ඒ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්.

    මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා දුම්රිය නියාමකවරු, රියදුරුවරුන්, ස්ථානාධිපතිවරු, දුම්රිය පාලකවරුන් හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් එක්වනු ඇති.

    කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරුවරුන්ගේ සංගමයේ ලාල් ආරියරත්න මහතා ප්‍රකාශ කර සිටියේ එළඹෙන අඟහරුවාදා දිනයේ දී අඛණ්ඩ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 සැප්තැම්බර් 2019 15:32

    Latest News