මාකඳුරේ මදූෂ් ගලවා ගැනිමේ පැමිණිල්ලක් ප්‍රතික්ෂේප වේ

සැප් 18, 2019

    ඩුබායිහි අත්අඩංගුවේ සිට පිටුවහල් කළ මාකදුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ අයුතු සිරකර තැබීමක් සිදු කර ඇති බවට තීරණය කිරීමට ප්‍රමාණවත් කරුණු නැතැයි පවසමින් මාකඳුරේ මධුෂ්ගේ නීතිඥ ජාලිය සමරසිංහ මහතා ගොනු කළ පුද්ගලික පැමිණිල්ලේ නඩුව අවසන් කිරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්තීන්ට අනුව අයුතු සිරකර තැබීම යන වගන්ති ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට සිතාසි නිකුත් කිරීමට ප්‍රමාණවත් කරුණු නැතැයි සිද්ධියට අදාළව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඔහු කියා සිටියේය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඝාතනය කිරිමට සැළසුම් කළ බවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාකදුරේ මධුෂ් රදවා ප්‍රශ්න කිරීම සහ ඔහු අත්අඩංගුවට ගැනීමට එරෙහිව සැකකරු වෙනුවෙන් නීතිඥ ජාලිය සමරසිංහ මහතා පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.

    ඩුබායිහි අත්අඩංගුවේ සිටි මාකදුරේ මධුෂ් මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු රඳවා ප්‍රශ්න කරන බවත් ප්‍රභු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මාකදුරේ මධුෂ්ට එරෙහිව කිසිදු සාක්ෂියක් නැති බවත් ඔහු රඳවා ප්‍රශ්න කරන්නේ කුමන නෛතික ප්‍රතිපාදන යටතේ ද යන්න නීතිඥ ජාලිය සමරසිංහ මහතා පුද්ගලික පැමිණිල්ල හරහා අධිකරණයෙන් විමසා තිබිණ.

    Latest News