මධූෂ්ගේ ඩුබායි සාදයට සහභාගී වූ අයෙක් අත්අඩංගුවට

ජූලි 28, 2020

    සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයෙක් ඊයේ (27) දහවල් 12.15ට පමණ කෙසෙල්වත්ත පොලිස් වසමේ මිරානියා වීදිය‍, ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව තිබේ.

    කෙසේවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 350ක් ඔහු සන්තකයේ තිබී ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49ක් වු මිරානියා වීදියා, කොළඹ 12 යන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මොහු සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට පත්වීමට පෙර ඩුබායිහි දී පැවැත් වු සාදයකට සහභාගී වු අයෙක් බවට වැඩිදුර විමර්ශනවල දී අනවාරණය වී තිබේ.

    සැකකරු අද (28) මාලිකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    Latest News