කිංග්ස්බරි බෝම්බකරුගේ ශරීර කොටස් භාර ගැනිමට ඥාතින් බැහැ කියයි

සැප් 18, 2019

    කොළඹ කිංග්ස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් ස්වයං ඝාතක ත්‍රස්තවාදියාගේ, කොළඹ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති ශරීර කොටස් බොරැල්ල කනත්තේ භූමදාන කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය. 

    මෙම ශරිර කොටස් භූමදාන කිරීම සදහා තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් වෙත මුදා හරින ලෙසද කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට මහේස්ත්‍රාත්වරයා මෙහිදි කියා සිටියේය.

    ස්වයං ඝාතන ත්‍රස්තවාදියාගේ ශරීර කොටස් භාර ගැනීම ඔහුගේ පවුලේ ඥාතීන් ප්‍රතික්ෂේප කර ඇති බවට සිද්ධියට අදාළව නඩුව කැඳවූ අවස්ථාවේ රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටි අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

    ස්වයං ඝාතක ත්‍රස්තවාදියාගේ ශරීර කොටස් භූමදාන කර ඒ සම්බන්ධයෙන් ප්‍රදේශ බාර ග්‍රාම නිලධාරීවරයාගෙන් වාර්තාවක් අධිකරණයට ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කර සිටියේය.

    Last modified on සිකුරාදා, 20 සැප්තැම්බර් 2019 09:27

    Latest News