අම්පාර කළුගල්ඔය ජලාශයේ ඉදිකිරිම් අවසන් අදියරේ (වීඩියෝ)

සැප් 17, 2019

    රුපියල් මිලියන 2350ක වියදමින් ඉදිකරනු ලබන අම්පාර කළුගල්ඔය ජලාශයේ ඉදිකිරිම් අවසන් අදියරට පැමිණ ඇති බව වාර්තාවේ.

    අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් බණ්ඩාරදූව ගම්මානයේ මිලියන 2350 වියදමින් ඉදිකරනු ලබන කළුගල් ඔය ජලාශයේ සංවර්ධන කටයුතු සියයට අනුපහක් ප්‍රමානයක් ඉදිකර අවසන් බව කළුගල් ඔය ව්‍යාපරයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක ඒ.කේ.අබ්දුල් ජබාර් මහතා සදහන් කරයි. ව්‍යාපෘතියේ ඉදිකිරිම් අම්පාර වාර්මාර්ග අධ්‍යාක්ෂක සුදත් ගමගේ මහතා අධික්ෂණයට ඊයේ ලක්කරනු ලැබිණි.

    2012 වසරෙදී ගැස්ට් කරනු ලැබු මෙම ව්‍යාපෘතිය 2014 වර්ෂයෙදි ඉදිකිරිම ආරම්භ කරනු ලැබිණි. මහ රජයේ මුදලින් මෙම ව්‍යාපෘතිය ඉදිකරන අතර මෙම ජලශය සංවර්ධනය කිරිමෙන් අක්කර එක්දාස් පන්සියක භූමි ප්‍රමාණයක් වී ගොවිතැන් කිරිමට අවසථාව උදාවේ. මෙම ජලාශයේ අක්කර අඩි 8200ක ජල ප්‍රමාණයක් රඳවා ගැනිමට අවස්ථාව උදාවන අතර යල මහා කන්න දෙක සදහා ජලය ලබා දිමට හැකියාව තිබේ.

    අදියර තුනක් යටතේ ගොවි ජනතාවට වගා ඉඩම් සංවර්ධනය කර බේදා දෙනු ලබන අතර මිරිදිය දිවර කාර්මාන්තය දියුණු කිරීමටත් මේ මගින් අවස්ථාව උදාවේ. මෙමගින් වම සහ දකුණ වශයෙන් ඇල මාර්ග දෙකක් ඔස්සේ ජලය වගා බිම් සදහා නිකුත් කරනු ලබයි.
    අම්පාර දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ගම්මානයක් වු බණ්ඩරදූව ගම්මනයේ ගම්වාසීන් මෙපමණ කලක් හේන් ගොවිතැනින් තම ජන දිවිය ගත කරනු ලැබු අතර මෙම ජලාශය ඉදිකිරිමත් සමග ඔවුනගේ ආර්ථිකයද ශක්තිමත් වේ. මේ දිනවල ගොවින්ට ලබා දිම සඳහා කුඹුරු ඉඩම් සංවර්ධනය කරන අකාරය දක්නට ලැබේ. බෙදුම් ඇලවල් සහ කෙත් ඇලවල් මේ වන විටත් සංවර්ධනය කර තිබේ. ඒ අනුව වී වගාව සඳහා ඉඩම් සංවර්ධණය කිරිම සිදු කරනු ලබයි.ඉදිරිකිරිම් කටයුතු අවසන් අදියරේ පවතින මෙම ජලාශය ඉදිරි මාස කිපය තුල විවෘත කර ජනතා අයිතියට පත් කිරිමට අවස්ථාව ඇති බව ව්‍යාපෘති අධ්‍යක්ෂක ඒ.කේ.අබ්දුල් ජබාර් මහතා සදහන් කර සිටියි. වන ජිවි කාලාපය සහ වගා බිම් වෙන් කිරිම් කටයුතුද මේ දිනවල සිදු කරනු ලබයි.

    කළුගල් ඔය ජලාශයේ වාන්දොරටු සවිකර එහි ඉදිකිරිම් කටයුතු අවස්න අදියරේ පවතින අතර මේ වන විටත් ජලාශයේ අක්කර අඩි හයදහසක ප්‍රමාණයක් ජලය පිරි පවති. මෙම ජලාශයෙන් කුඹුරු අක්කර 1500 වගා කරන අතර නවගිරියාව ජලාශයටද ජලය ලබාදිමට හැකියාවක් ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ ග්‍රාමිය මාර්ග සහ ග්‍රාමිය ජන දිවිය සංර්ධනය කිරිම්ද සිදු කරනු ලබයි.

    Last modified on අඟහරුවාදා, 17 සැප්තැම්බර් 2019 20:00

    Latest News