icc

ගෝඨාභය මන්නාරම් ගියේ ෂැන්ග්‍රිල්ලා බෝම්බකරුගේ මාමන්ඩිත් සමඟයි - ඇමතිනි තලතා

නොවැ 11, 2019

    ගෝඨාභය රාජපක්ෂ මන්නාරම ජනතා රැලියට ගොස් ඇත්තේ ෂැංග්රිල්ලා හෝටලයේ දෙවෙනි බෝම්බකරුගේ මාමණ්ඩිය සමග බව අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය. මන්නාරමේ පැවැති ජන රැළියට ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) සහභාගි වු බව ඇමතිනි තලතා අතුකෝරළ ප්‍රකාශ කළාය.

    මේ අනුව ගෝඨාභය රාජපක්ෂ සහරාන්ලා එක්කද ඉන්නේ යැයි ඇය ප්‍රශ්න කර සිටියේ රත්නපුර නගරයේ පැවති රැළියකට එක්වෙමිනි.

    ඇමතිනි තලතා අතුකෝරළ.........

    අගෝස්තු 11 වැනිදා පොහොට්ටුවේ අපේක්ෂකයා නම් කළා. අපේ අපේක්ෂකයා නම් කළේ ඊට මාස දෙකකට පස්සේ. අද වන විට මාසයයි. ජන ගංගාව සජිත් මහත්තයා ජනාධිපති කරලා ඉවරයි. අපි දන්නවා සජිත් ප්‍රේමදාස තරුණ නායකයා තමන්ගේ තාත්තා ජනාධිපති වෙලා ඉද්දි ජනාධිපති වරප්‍රසාද පාවිච්චි කළේ නැහැ. එයාට පුළුවන්කමත් තිබුණා මහනුවර දළදා මාළිගාව ඉස්සරහා රේස් පදින්න, රුසියාවේ නාට්යාංචගනාවියෝ ගෙන්නන්න පුළුවන් කමක් තිබුණා. තාත්තාගේ මැද කොළඹ ආසනය තියෙද්දි තාත්තා නැති වුනායින් පස්සේ ගියේ මේ රටේ දුප්පත්ම දිස්ත්‍රික්කයට. හම්බන්තොටට ගිහිල්ලා ඒ පළාතේ දරුවන්ට පෙර පාසල් ගොඩනැගිලි හැදුවා. සසුනට අරුණ ක්‍රියාත්මක කළා. පාසල් ගොඩනැගිලි හැදුවා.

    එම වැඩ සටහන් විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් විදිහට මුළු රටේම දියත් කළා. තාත්තාගේ වරප්‍රසාදවලට මුවා වෙලා දේශපාලන වේදිකාවට නැග්ගේ නැහැ. එකක් මතක තියා ගන්න 17 වැනිදා එළි වෙන කොට මේ රටේ පොදු ජන හිතවතා ජනාධිපති වෙනවා. අපි දන්නවා එයා එදා ආරක්ෂක ලේකම් විදිහට මාධ්‍යවේදින් ඝාතනය කළා ලසන්ව මැරුවා. එක්නැලිගෙඩ අතුරුදහන් කළා. ඒ අයට සාධාරණයක් ඉටු කරන්න අපිට පුළුවන් වුණේ 2015 ජනවාරි 08 වැනිදායින් පස්සේ ආව අපේ ආණ්ඩුවෙන් කියන එක මතක් කරන්න ඕන. අධිකරණයේ ස්වාධිනත්වය නැති කරලා දැම්මා. එදා නාලන්ද ඝාතනය වෙච්ච වෙලාවේ අපේ මිනිස්සුන්ට වුණු අසාධාරණය ගැන තිබුණු පයිල් යට ගහලා තිබුණු විදිහ මේ රත්නපුර ආසනයේ විජේතුංග මැතිතුමා සාක්ෂි දරනවා. එහෙම තිබුණු අධිකරණය ස්වාධිනයි කියලා අද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාම එළියට ඇවිල්ලා කියනවා. අපි එදා වගේ නෙවෙයි මේ රටේ ඕනම තැනක යන්න පුළුවන් ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. මේ මැතිවරන ව්‍යාපාරයේ දි ජනතා හිතවාදීව තමුන්නාන්සේලාගේ අපේක්ෂකයා තෝරා ගන්න අවස්ථාව ලබාදීලා තියෙනවා. මේ මැතිවරණයේදී හරිම ලස්සන දේවල් වෙනවා. එදා ගෝඨාභය මහත්තයලාගේ කාලයේ තංගල්ලේ සභාපති කෙනෙක් හිටියා. මධු සමය ගත කරන්න මෙහෙට ආව විදේශික යුවලගේ ස්වාමී පුරුෂයා මරලා කාන්තාව දුෂණය කලා. තව කෙනෙක් හිටියා අකුරැස්සේ සභාපති කෙනක් හිටියා. එයා කන්යානවියෝ 100 ක් දුෂණය කළා.

    එස්.බී. දිසානායකගේ ආරක්ෂකයෝ පාරේ හිටපු තරුණයින්ට වෙඩි තියනවා. හෙම්මාතගම පොහොට්ටුවේ රැස්වීමට ආව ආබාධිත තරුණියක්ව ඒ රැස්වීමට ගිහිං යන උන්ම දුෂණය කළා. මේකද මේ රට ආපහු ඉල්ලන්නේ.

    මට මේ දැන් ලැබුණු අලුත්ම ආරංචිය සහරාන්ලා අපේ ඇගේ ගහන්න හැදුවා. එයාගේ අයියා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කියනවා සහරාන්ට රජයේ ඔත්තුකරුවෙක් හැටියට එයාට පඩි ගෙවුවා කියලා. හැබැයි බෝම්බ පුපුරන කොට පල්ලි ඇතුළට ගිහිල්ලා කිවුවේ ආණ්ඩුව පිපිරෙවුවා කියලා. අද ගෝඨාභය රාජපක්ෂ මන්නාරමට ගිහිල්ලා තියෙන්නේ ෂැංග්‍රිල්ලා එකේ දෙවෙනි බෝම්බය පුපුරුවා ගත්ත මනුස්සයාගේ මාමණ්ඩිය අර අලවුදීන් ජුවලරි එකේ අයිතිකාරයත් එක්කයි. අපි අහනවා ගෝඨාභය රාජපක්ෂ සහරාන්ලා එක්කද ඉන්නේ කියලා. මන්නාරම රැස්වීමේදී මුස්ලිම් ජනතාව නැහැ කියලා මුස්ලිම් ජනතාවගේ හිස්වැසුම් දෙදාහක් විතර ගෙනිහිල්ලා එන මිනිස්සු අතරේ දාලා.

    ඇයි මේ තරම් ප්‍රෝඩාව කරන්නේ. මේ ගොල්ලෝ අද ඊයේ නෙවෙයි 2005 ජනාධිපතිවරණයේදී ඒ වගේ වැඩ කළා. එදා උතුරු පළාතේ ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ටිරාන් අලස්ලා ශ්‍රීපති සුරිය ආරච්චිලා එකතු වෙලා ඒ හරහා කොටින්ට සල්ලි දීලා නැති කලා.

    මිලියන 500 කට වැඩි මුදලක් ත්‍රස්තවාදීන්ට දුන්නා. ඒ මුදල් වලින් කොටි අපේ රණවිරුවන්ට ගැහුවා. සමහර අය මැරුණා. 2010 ඉදලා 2015 වෙනකල් අවුරුදු 5 ක් හිටියා රණවිරුවෝ ගැන මොනවාද කළේ. යුද්ධය ඉවර වෙලා රණවිරුවන්ගේ ප්‍රශ්න විසදන්න වුණේ මේ රජයටයි. පොලිසියේ මහත්තුරු මෙතන ඉන්නවා. පොලිසියට ගන්න කොට පරම්පරා තුන හරක් බලනවා. මොකද වැරදි නීති විරෝධි වැඩ කරලා තිබුණොත් ගන්නේ නැහැ. හැබැයි මේ රටේ ජනාධිපති කරන්න අද ඉදිරියට ඇවිල්ලා ඉන් කෙනොට ත්‍රිපුද්ගල මහාධිකරණවල වංචාව මිනී මැරුම් පැහැර ගෙන යාම යටතේ නඩු හතරක් තියෙනවා. තව නඩු 08 ක් වෙනම මහාධිකරණවල තියෙනවා. නඩු 12 ක් තියෙන කෙනෙක් තමයි දැන් මේ ජනාධිපති වෙන්න ඉදිරියට ඇවිත් තියෙන්නේ යැයි ද අමාත්‍යවරිය තවදුරටත් සදහන් කළාය.

    Last modified on සදුදා, 11 නොවැම්බර් 2019 21:21

    Latest News