බොරු ප්‍රවෘත්තිවලට නීතිය තදින්

ජූනි 06, 2019

    අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකිවනු පිණිස දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

    ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ දී මේ තීරණය ගනු ලැබීය. මේ අනුව, ජාතීන් අතර සහජීවනය හා රාජ්‍ය ආරක්‍ෂාවට බාධාවන ආකාරයෙන් අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකිවේ. ඒ අනුව, අදාළ වරද සම්බන්ධයෙන් වරදකරුවෙකු වන තැනැත්තෙකුට රුපියල් දස ලක්‍ෂයක් දක්වා වූ දඩ මුදල් නියම කිරීමට හෝ වසර 5කට නොවැඩි සිර දඬුවමක් නියම කිරීමට හෝ එම දඬුවම් දෙකටම යටත්වන පරිදි නීති සංශෝධනය කෙරෙනු ඇත.

    මේ අතර, වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකිවන පරිදි දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය ද සංශෝධනය කිරීමට නියමිතයි. විවිධ ජන වාර්ගික හා ආගමික කොටස් අතර සාමය සහ සහජීවනය පවත්වාගෙන යාමටත්, රාජ්‍ය ආරක්‍ෂාවට බාධාවන ආකාරයෙන් වෛරී ප්‍රකාශ කරන තැනැත්තෙකු සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට මෙමඟින් නියමිතයි. ඒ අනුව එම වරද සම්බන්ධයෙන් වරදකරුවෙකු වන තැනැත්තෙකුට දඩ මුදලක් හෝ සිර දඬුවමක් නියම කිරීමට හැකිවන පරිදි දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කරනු ඇති. ජාතික ආරක්‍ෂාව පිළිබඳ ආංශික කමිටුව, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සිදු කළ ඉල්ලීමකට අනුවයි මෙම පියවර ගනු ලැබුවේ.

     

     Low 900px 19 06 06

    Last modified on බ්‍රහස්පතින්දා, 06 ජූනි 2019 17:13

    Latest News