ගෝඨාභය රාජපක්ෂ මන්නාරම ජනතා රැලියට ගොස් ඇත්තේ ෂැංග්රිල්ලා හෝටලයේ දෙවෙනි බෝම්බකරුගේ මාමණ්ඩිය සමග බව අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය. මන්නාරමේ පැවැති ජන රැළියට ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) සහභාගි වු බව ඇමතිනි තලතා අතුකෝරළ ප්‍රකාශ කළාය.

අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති තනතුරින් ඉල්ලා අස් වෙන බව සුහද ගම්ලත් මහතා විසින් ජනාධිපති ලේකම්වරයාට දන්වලා තිබෙන බවත් එසේ ඉල්ලා අස් නොවුණහොත් අවශ්‍ය පියවර ගන්නා බවට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අසත්‍ය ප්‍රචාරවලට දැඩි දඩුවම් ලබා දීමේ නීති මේ දිනවල සකස් කරමින් යන බව අමාත්‍ය තලතා අතුකොරළ මහත්මිය පවසයි. අසාත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කරන පිරිස් ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට මේවා සිදුකරන බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

වංචා දූෂණ නාස්තිය සම්බන්ධයෙන් දේශපාලඥයින් රජයේ නිලධාරීන් මෙන්ම ඕනෑම කෙනෙකුට විරුද්ධව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු ගොනු කළ හැකි බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කොට ලබන සදුදා දිනට පෙර (2019.01.21) වහාම වාර්තාවක් ලබා දෙන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.

Latest News