එජාප ජනපති අපේක්ෂකයා වීමට සූදානම්..සජිත් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියයි(වීඩියෝ)

සැප් 17, 2019
  • එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත් වීම සූදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    මංගල සමරවීර මහතාගේ නිල නිවසේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේය. ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ වෙනත් අපේක්ෂකයෙකු යෝජනා කෙරෙන්නේ නම් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුගමනය කිරීමට හැකියාව ඇති බවයි.

     මාධ්‍ය හමුව කැඳවමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ ප්‍රකාශය..

    "ඊයේ දිනයේ දී අගමැතිතුමාට ලිඛිතව ඉල්ලීමක් කළා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම උදෙසා මම එළඹිලා ඇති තීන්දුව හා තීරණය පිළිබඳව. ඒ අදහස ප්‍රකාශ කරනවත් සමගම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුගමනය කරන සමාජ සේවකයෙක් හා දේශපාලඥයෙන් හැටියට මම ගරු අග්‍රාමාත්‍යතුමා හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් මෙම ඉල්ලීමක් කළා මොනයම් හෝ අර්බුදයක් තිබේනම් ඒ අපේක්ෂකත්වය පිළිබඳව, තවත් පුද්ගලයින්ගේ අපේක්ෂාවත් තිබෙනවනම් අපේක්ෂකත්වය පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුගමනය කරමින් පාර්ලිමේන්තු කණ්ඩායමක්, කෘත්‍යාධිකාරී මණ්ඩලයත් කැඳවලා සාකච්ජා කරළා ඒ තීන්දු තීරණ ගන්න කියන එකත් මම ලිඛිතවම දැනුම් දුන්නා..

    මම පැහැදිලි කරන්න ඕන එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්.සමහර කණ්ඩායම් වගේ මෙම පක්ෂය තුල තීන්දු තීරණ ගැනෙන්නේ එක පවුලක් කේන්ද්‍රකරගෙවත්, එක් ඥාති පිරිසක් කේන්ද්‍රකරගෙනවත් එක් සමාජමය කොටසක් කේන්ද්‍රකරගෙනවත් නොවෙයි. එක්සත් ජාතික පක්ෂය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සියළුම ජාතීන් නියෝජනය කරන එක්සිත් භාවය තිබෙන, සහෝදරත්වය තිබෙන,මිත්‍රශීලීත්වය තිබෙන එක්සත් පක්ෂයක්. මේ එක්සත් පක්ෂය තුල තීන්දු තීරණ ගැනීමේ දී අපි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුගමනය කරනවා. සමහර කණ්ඩායම් වගේ අපේ පක්ෂය පවුලක් කේන්ද්‍රකරගෙන, කාමරයක් තුළ සාකච්ජා කරළා මොනව හේතුවකටවත් අපේක්ෂකයින් තෝරා ගන්නේ නෑ.මෙතන වෙනස තියෙන්නේ ආඥාදායකත්වත්, ප්‍රජාතන්ත්‍රවාදයත් අතර වෙනස.පවුල්බල කේන්ද්‍රීය දේශපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය අතර වෙනස.එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන ඒ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන කේන්ද්‍ර කරගෙන, විශේෂයෙන්ම මහජන නියෝජිතයින්ට මුල්තැන ලබාදීලා,ප්‍රජාතන්ත්‍රවාදීව මේ තීන්දු තීරණවලට එළඹෙන්නට අපි කටයුතු කරන්න ඕන..ජනාධිපතිවරණ පැවැත්වීමේ දින වකවානු තීන්දු තීරණ කිරීම දැන් දැන් ලහි ලහියේ ක්‍රියාත්මක වන මොහොතක මගේ විශ්වාසය පාර්ලිමේන්තු කණ්ඩායමත්, කෘත්‍යාධිකාරී මණ්ඩලයත්, මේ දෙකම කැදවලා සාකච්ජා කරලා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුලින් තීන්දු තීරණවලට එළැඹීම ඉතාම ඉක්මනින් අප කළයුතුයි කියන අදහසයි මගේ හිතේ තියෙන්නේ..."

    Last modified on අඟහරුවාදා, 17 සැප්තැම්බර් 2019 11:06

    Latest News