ගාමිණී ජයවික්‍රම අද ජනාධිපති කොමිසම හමුවට

සැප් 17, 2019

    බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අද (17) රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

    ඒ,මහපොළ භාරකාර අරමුදලේ සිදුවූ මුල්‍ය වංචාවකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි. ඒ අනූව අද පෙරවරු 9.30ට කොමිසම හමුවේ පෙනි සිටින ලෙස අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
    පසුගිය 09 වැනිදා ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිය අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ, සාක්ෂි ලබාදීම සඳහා අවශ්‍ය ලේඛන තමන් සතුව නොමැති බවයි. ඒ අනූව ඔහු යළි අද දින කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 17 සැප්තැම්බර් 2019 08:15

    Latest News