බදුල්ලේ නාය අවදානමක්;පවුල් 23ක් ඉවතට

සැප් 16, 2019

    බදුල්ල සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුට්ටියගොල්ල, නාගොල්ලගම ඇතිවූ නාය අවධානමක් හේතුවෙන් පවුල් 23 කට අයත් පුද්ගලයන් 88 දෙනෙකුට සිය නිවාස වලින් ඉවත්වීමට උපදෙස් දි තිබේ. 

    ඊයේ අළුයම නිවසක් මතට ගලක් පෙරලී නිවසට බපරතල හානියක් සිදුවූ ඇත. මෙම ගම්මානය නාය අවධානම ඇති ප්‍රදේශයක පිහිටි බව ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනය විසින් හදුනාගෙන ඇති බව ප්‍රාදේශීය ලේකම් වරිය සදහන් කළාය. ගල පෙරලීමෙන් නිවසේ කිසිවෙකුට හානි සිදුවී නැත.

    අවතැන් වූවන් ඥාති නිවාස වල නතර වී ඇති අතර අද (16) ජාතික ගොඩනැගිලි ප‍ර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥන් විසින් පරීක්ෂණයක් සිදුකිරිමට නියමිතයි. ඉන් පසු ඉදිරි ක්‍රියා මාර්ග තීරණය කරන බවද පැවැසූ ප්‍රාදේශීය ලේකම්වරිය අවධාරණය කළාය. මීට පෙරද මෙම ස්ථානයේ නායයාම් සිදූවූ ඇති අතර ඔවුන්ගේ කැමැත්තට සරිලන විකල්ප ඉඩම් සොයාගැනීමට නොහැකිවීම මගින් ආරක්ෂිත ක්‍රියා මාර්ග ප්‍රමාදවි තිබේ.

    Last modified on සදුදා, 16 සැප්තැම්බර් 2019 12:52

    Latest News