කෙසෙල්ගමුඔය පිටාර යයි

සැප් 16, 2019

    කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලීමෙන් අද (16) උදැසන බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයවලට තවදුරටත් වැසි අධික වැසි ඇද හැලෙන බවයි අප වාර්තාකරු පවසන්නේ. බගවන්තලාව,කිලානි සහ බොගවාන වතුවලට පිවිසෙන අතුරු මාර්ග සියල්ලම ජලයෙන් යට වී තිබේ. කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටමද ඉහල යමින් පවතින බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.

    Last modified on සදුදා, 16 සැප්තැම්බර් 2019 11:35

    Latest News