ලියාපදිංචි අපරාධකරුවන් 2ක් අත්අඩංගුවට

සැප් 09, 2019

    දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් ලෙසට ලේඛන ගත වු යුද හමුදා සේවයෙන් පළා ගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පෑලියගොඩ, නවලෝක වටරවුම අසළ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 100ක් සමඟ කැකිරාව ඈඹුල්ගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ඊයේ (08)අත්අඩංගුවට ගැනිණ.

    පසුගිය 03 වැනිදා පෑලියගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රැම් 05කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් රැඳවුම් නියෝග මත සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ සැකකරුවන් දෙදෙනා සහෝදරයන් වන අතර ඔවුන් වත්තල, කඩවත, කිරිබත්ගොඩ ප්‍රදේශවල ගෙවල් බිඳ දේපල සොරා ගැනීම් සිද්ධින් 15කට පමණ සම්බන්ධ බව පොලීසිය සඳහන් කළේය. මොවුන් විසින් සිදු කරන ලද අපරාධයන්ගෙන් මේවන විට රුපියල් ලක්‍ෂ 17කට ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ තොගයක් හා රුපියල් ලක්‍ෂ හතරහමාරක මුදල් ද සොයාගෙන ඇත.  කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන මේ පිළිබඳ සිදු කරනු ලැබේ.

    Last modified on සදුදා, 09 සැප්තැම්බර් 2019 10:12

    Latest News