අරුවක්කාලුවට ගිය කුණු ලොරියක් අනතුරට

සැප් 09, 2019

    අරුවක්කාලු කසල අංගනයට කසල ප්‍රවාහනය කරමින් තිබු ටිපර්රථ දෙකක් අද (09) අලුයම කරිකට්ටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටිමේන් අනතුරට ලක්ව තිබේ.

    මෙසේ අනතුරට ලක්වුණේ කොළඹ සිට අරුවක්කාලු දක්වා කසළ ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක්.

    ඉදිරියෙන් ධාවනය කරමින් තිබු කසල පැටවු ටිපර් රථය හදිසියේ තිරිඟ තද කිරීමත් සමඟ පසුපසින් පැමිණි ටිපර් රථයේ ගැටී තිබේ. අනතුරුව මුන්දලම පොලිසිය විසින් කසල පටවා තිබූ ටිපර් රථය දොඹකර හා ලොරි රථ ආධාරයෙන් මුන්දලම පොලිසිය වෙත රැගෙනයාමට කටයුතු කෙරිණ. රියදුරන් පැය හතරකට ආසන්න කාලයක් එක දිගට කිලෝ මිටර් 150 කට වැඩි දුරක් ධාවනය කිරීමත් සමඟ පත්වන අධික නිදිමත හා වෙහෙස අනතුරට හේතු විය හැකි බවයි, පොලීසිය පවසන්නේ.

    Last modified on සදුදා, 09 සැප්තැම්බර් 2019 08:55

    Latest News