2025 වන විට දහම් අධ්‍යාපනයට සියලු ගොඩනැගිලි සජිත්ගෙන්

සැප් 06, 2019

    මෙරට දරු දැරියන්ට පාසල් අධ්‍යාපනයට සහ දහම් අධ්‍යාපනයට අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් 2025 වසර අවසන් වීමට පෙර සම්පූර්ණ කරන බව, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    පුත්තලම, වනාතවිල්ලුව, මොණරවැව, සිරිගුණරතනාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්, අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. එය ඉදිකෙරුණේ, සිසු දහම් සෙවන වැඩසටහන යටතේ.

    මෙම ගොඩනැගිල්ලට මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් ලක්ෂ 40ක මුදලක් වැයකර තිබේ. ගොඩනැගිල්ල ඉදිකර තිබෙන්නේ, සියලු පහසුකම් සහිතවයි. උත්සව සභාවේ අමාත්‍යවරයා කියා සිටියේ, තමා සිදු කරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව විරුද්ධ දේශපාලනඥයින් සාවද්‍ය චෝදනා එල්ල කරන බවයි.

     

     

     

    Last modified on සිකුරාදා, 06 සැප්තැම්බර් 2019 18:16

    Latest News