ගෝඨාභය අධිකරණය මග හරින්නේ යුක්තියට බය නිසා

සැප් 04, 2019

    මේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින පොහොට්ටු අපේක්‍ෂකයා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සමුළු කිහිපයක් අපි පසුගිය දිනවල දැක්කා.

    මේ කතා කරනකොටම ඇඟ හීතල වෙලා යනවා. මේ කතා කරන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයද වෙන ලෝකෙකින් ආපු කෙනෙක් ද කියන එකයි ප්‍රශ්නේ. මේ කතා කරන්නේ කවුද කියලා හිතාගන්න බැහැ. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා කතාව අපිට මැවි, මැවී පේන්න ගත්තා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ යුගය. යුක්තිය ඉටු කිරිම තියා තාජුඩීන් සම්බන්ධයෙන් නඩුවක් දා ගන්න බැරිවුණා ගෝඨාභය මහත්තයා කියනවා මේ නඩු ප්‍රමාද වෙනවා ලංකාවේ . අපි සිංගප්පුරුවේ වගේ තාක්‍ෂණය ගේන්න ඕනේ. ගෝඨාභය මහත්තයෝ තාක්‍ෂණය ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. නඩු ප්‍රමාදවීම සම්බන්ධයෙන් තියෙන හොඳම උදාහරණය තමුන්. ගෝඨාභය මහත්තයා උසාවි යන්නේ නැහැ. අධිකරණය මඟ හැර යනවා. ඉතිං ඩිජිටල් ප්‍රශ්නයක් හින්දා නෙමෙයි නඩු ප්‍රමාද වෙන්නේ. නඩු ප්‍රමාදවීම සම්බන්ධයෙන් ලංකාවේ හොඳම උදාහරණය ජනාධිපති අපේක්‍ෂකයා බවට පත්වී සිටින ගෝඨාභය රාජපක්‍ෂ තමයි. නඩු එනකොට ලෙඩ වෙනවද ලෙඩ වෙනකොට නඩු එනවද අපි දන්නේ නැහැ. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා කියනවා නීතිය නැව්වට නීතිය කඩන්න බැහැ කියලා කාටවත්. නීතිය නමන එක ගැන ද ගෝඨාභය මහත්තයා අපිට කියන්නේ. නවපු නීතිය අන්තිමේදී මේ ආණ්ඩුවට තමයි දිග අරින්න වුණේ. යුක්තිය ඉටුවීම ප්‍රමාද බව ඇත්ත. හැබැයි යුක්තිය නැතිවෙලා නැතැයි“ චමීර පෙරේරා මහතා පැවසීය.

    Last modified on බදාදා, 04 සැප්තැම්බර් 2019 09:25

    Latest News