ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ඔක්. 11

සැප් 03, 2019

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසුම ලබන මස 11 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

    ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අද (03) නිකුත් කෙරිණ. එම දිනයට මැතිවරණය පවත්වන ලෙස, ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ. ඒ අනුව එම ගැසට් නිවේදනය ඇල්පිටිය තේරීම් භාර නිලධාරියා විසින් නිකුත් කරනු ලැබීය. ඉකුත් වසරේ පෙබරවාරි 10 වැනිදා පැවති පළාත් පාලන ඡන්ද විමසීමේදී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. වසර එකහමාරක් පැවති නඩු විභාගයකින් අනතුරුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය යළි පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියෝගයක් කළේය. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තෝරා ගැනීමට නියමිත සභිකයන් සංඛ්‍යාව 28ක්.

    Latest News