මිනි වලවල් හතරක් හැරු පිරිසක් සොයා පරික්ෂණ

සැප් 01, 2019

    කොටගල යුනිෆිල්ඩ් වෙලින්ටන් වතුයායේ පොදු සුසාන භුමියේ මිහිදන් කර තිබු මිනි වලවල් හතරක් ඊයේ (31) රාත්‍රි හාරා ඇති බවට හැටන් පොලිසියට ලද පැමිණිල්ලක් මත හැටන් පොලිසිය විසින් පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

    එම සුසාන භුමියේ මිහිදන් කර තිබු කාන්තාවන් තිදෙනෙකුගේ සහ පිරිමි අයෙකුගේ මිනි වලවල් මෙසේ හාරා වසා දමා ඇති බව වතුයායේ පදිංචිකරුවන් පවසති. තේ වත්තේ තෘණ කැපිමට ගිය අයෙකු මිනි වලවල් හාරා ඇති බව දැක පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

    වසර 5 සිට වසර 8 දක්වාත් මාස 8 ප්‍රථම මිහිදන් කල කාන්තාවකගේ මිනිවලවල් හාරා වසා දමා ඇති බව වතු කම්කරුවන් පවසති. මිනි වලවල් හාරා එහි මිහිදන් කර තිබු මිනි රැගෙන ගියාද නැද්ද යන්න පිලිබදව මෙතෙක් තහවුරු වි නොමැති අතර එ පිලිබදව හැටන් පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර තිබේ.

    Latest News