අපද්‍රව්‍ය කළමනාකරණය උසස් මට්ටමකට ගෙන එනවා; පළාත් ආණ්ඩුකාර

සැප් 01, 2019

    ධාරිතාවෙන් හා වපසරියෙන් මීතොටමුල්ලට පමණක් දෙවැනි වන මහනුවර, තේක්කවත්ත කැළි කසළ අංගනය දැඩි පාරිසරික හානියක් සිදු කරන ස්ථානයක් බවට පත්ව ඇති බව, ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

    ගම්මාන රැසක ජනතාවට සෞඛ්‍ය තර්ජන මතුව ඇති බව පැවසේ. මේ පිළිබඳව සොයා බැලූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේ අවශ්‍ය සියලු කඩිනම් පියවර ගැනීමට සූදානම් වන බවයි. අධිරාජ්‍යවාදී පාලන කාලයේ අක්කර 32ක භූමියකින් යුතු ලාදුරු රෝහලක් පැවති මෙම ස්ථානය, 1932 සිට මහනුවර හා අවට කැළි කසළ බැහැර කිරීමට යොදා ගැණින. මෙහි ධාරිතාව ඉක්මවා කුණු කඳු ගොඩගැසී ඇති අතර, ඉන් ගලා යන අප ජලය මහවැලි ගඟට එක්වන බව, ගම්වාසීන් ආණ්ඩුකාරවරයාට පෙන්වා දුන්නේය.

    පොල්වත්ත, වේගිරිය, රත්මලේ, බාන්වැල්ගොල්ල, ගොහාගොඩ, මඩපතගම, හල්ඔලුව, වට්ටාරන්තැන්න, ලෙව්ල ඇතුළු ගම්මාන රැසක 3,000ක පමණ ජනතාවට චර්ම රෝග ආදී සෞඛ්‍ය ගැටලු රැසක් මතුව ඇතැයි පැවසේ. කැළිකසළ කළමනාකරණයෙන් සාර්ථක වූ පළාත් පාලන ආයතන මගින් ක්‍රමවත් පුහුණුවක් ලබාදීමට ද ක්‍රියා කෙරෙන අතර, තේක්කවත්ත ඝන අපද්‍රව්‍ය කළමනාකරණය උසස් මට්ටමකට ගෙන එන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

    Latest News