මනමාලි ඇරන් ගිහින් දූෂණය කලොත් කසාදේ කරන්න පුළුවන්ද: මහ ලේකම් දයාසිරි

සැප් 01, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට කිසිදු අයෙකුට නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල පැවති උත්සවයක් අමතමිනී.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ සාකච්ඡා කර එක් මතයකට ගැනීමට සූදානමින් සිටින අතර බලහත්කාරයෙන් පක්ෂ 2 එක් කිරීමට උත්සාහ නොකළ යුතු බවත් ඔහු කියා සිටියේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා..........

    "අපි තැනකට එන්න හදන්නේ දෙක එකතු කරලා පොදු ජනතාවට මතයක් හදන්න. දැන් බදින්න ලෑස්ති වෙලා කසාදෙ තීන්දු වෙලා තියෙනකොට මනමාලි ඇරන් ගිහින් දූෂණය කලොත් කසාදේ කරන්න පුළුවන්ද? තවම අපි ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වලලන්න හම්බෙන්නේ නෑ."

    Last modified on ඉරිදා, 01 සැප්තැම්බර් 2019 16:22

    Latest News