කොළඹ අළුත්කඩේ මහේස්ත්‍රාත් බල ප්‍රදේශයට අධිකරණ නියෝගයක්

සැප් 01, 2019

    කොළඹ අළුත්කඩේ මහේස්ත්‍රාත් බල ප්‍රදේශයේදී අද (01) සිට මේ මස (10) දින දක්වා පැවැත්වීමට බලාපොරොත්තු වන උද්ඝෝෂණ, රැස්වීම, පෙළපාලි සඳහා කොළඹ ප්‍රධාන මාහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ.

    සිංහල ජාතික බලමුළුවේ කැඳවුම්කරු පූජ්‍ය මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමි සහ රාවණා බලයේ කැඳවුම්කාර පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ඇතුළු අනෙකුත් හිමිවරුන්ට මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

    එවැනි උද්ඝෝෂණ, රැස්වීම්, පෙළපාලි පැවැත්විමේදී සමකාමීව හා නිත්‍යානුකුල ලෙස පවත්වාගෙන යාමට බධාවක් නොමැති බවටත් ,කැරැල්ලක්, කළහයක්, ඇතිවන කිසිඳු ක්‍රියාවක් නොකළ යුතු බවටත්, මහජනතාවට, වාහනවලට බාධාවක්, අනතුරක්, කරදරයක් ඇතිවන ආකාරයේ රැස්වීමෙන් ගමන් කිරීමෙන් වැලකිය යුතු බවටත් සාමය කඩවන සුළු ආකාරයේ කිසිඳු ක්‍රියාවක් නොකළ යුතු බවටත් එමගින් නියෝග කර තිබේ. නිත්‍යානුකූලව සේවයේ නියුතු තැනැත්තන් හට බධාවක් වන අයුරින් රැස්වීමෙන් හෝ ගමන් කිරීමෙන් වැළැකිය යුතු බවටත් අධිකරණ නියෝගයේ සඳහන් බව පොලිසිය නිකුත් කල නිවේදනයේ දැක්වේ.

    එහි උද්ඝෝෂණ, පෙළපාලි සඳහා සහභාගි වන සියළු ජනතාව වෙත මෙම නියෝගය බලපාන බව පොලීසිය පවසයි.

    Latest News