ඉඩෝරයේ නෙළන අස්වැන්න

අගෝ 31, 2023

    එළඹෙන මාස් කන්නයේ වී වගා කටයුතු ඔක්තෝබර් 15 දින හෝ ඊට ආසන්න දිනයක ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

    කෘෂිකර්ම ක්‍ෂේත්‍රයට අදාළ සියලු අංශවල සහභාගීත්වයෙන් කොළඹ පසුගියදා පැවති සාකච්ඡාවක දී ඒ පිළිබඳ අදහස් පළ කෙරුණා.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධාන්තවයෙන් පැවති සාකච්ඡාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කාලගුණ, මහවැලි, වාරිමාර්ග ඇතුළු අංශ ගණනාවක් මෙන්ම, ගොවි නියෝජිතයින් ද එක්ව සිටියා. මෙහිදී ප්‍රකාශ කෙරුණේ, 2023 /24 මහ කන්නය හා 2024 යල කන්නය, තීරණාත්මක වගා කන්න දෙකක් විය හැකි බවයි. දැනට ක්‍රියාත්මකව පවතින "එල්නිනෝ" ක්‍රියාවලිය හේතුවෙන් මෙවර මහ කන්නයේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල විශාල වර්ෂාපතනයක් මෙන්ම, මීළඟ යල කන්නයේ නැවත වරක් වියළි කාලගුණ තත්වයක් උද්ගත විය හැකි බවට, මෙරට මෙන්ම විදේශීය කාලගුණික අංශ ද පෙන්වා දී තිබීම ඊට හේතුවයි. එම නිසා, වර්ෂාවෙන් ලැබෙන ජලය, මනාව කළමනාකරණය කර ගැනීමේ වැඩපිළිවෙළක් සියලු අංශවල දායකත්වයෙන් ක්‍රියාත්මක කළ යුතුව ඇති බව, සාකච්ඡාවේ දී අවධාරණය කෙරුණා.

    Latest News