නාමල්ට රට යන්න අවසර

අගෝ 31, 2019

    හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවට අදාළව නීතිපති උපදෙස් සඳහා සිහිකැඳවීමක් යොමු කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ නියෝග කළේය.

    ඒ කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් නාමල් රාජපක්ෂ මහතාට විරුද්ධව ගොනු කර ඇති නඩුව කැඳවූ අවස්ථාවේදී.

    ඇප මත සිටින හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාට ඊයේ දින සිට ඉදිරි දින දක්වා විදේශ ගත වීම සඳහා සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඒ සඳහා අවසර ලබා දුන්නේය.

    මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය මන්ත්‍රිවරයාට මුදා හරින ලෙසත් ඒ සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරායට දන්වා යවන ලෙසටත් නියෝග කළාය. ලබන වසරේ ජනවාරි 21වනදා නඩුව නැවත කැඳවීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 31 අගෝස්තු 2019 07:50

    Latest News