අම්මාන් කෝවිලටත් ජනපතිගෙන් ජල පිරිපහදු යන්ත්‍රයක්

අගෝ 31, 2019

    යාපනය, පුන්කුඩිතිවු ප්‍රදේශයේ කන්නාහි අම්මාන් කෝවිල් පරිශ්‍රයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් විවෘත කෙරිණ.

    මෙය ඉදිකෙරුණේ, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ සම්බන්ධීකරණයෙන්.

    ඉදිරියේදී ද වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙවැනිම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධති විශාල ප්‍රමාණයක් ස්ථාපිත කිරීමට වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව තවදුරටත් කටයුතු කරමින් සිටියි.

     

    thumbnail

     

    Last modified on සෙනසුරාදා, 31 අගෝස්තු 2019 11:49

    Latest News