පුරවැසිභාවය නැත් නම් ඇයි කොළය සාක්කුවේ දාගෙන ඉන්නේ... පි. හැරිසන්

අගෝ 30, 2019

    පක්ෂයක් තුළ විනයක් තිබිය යුතු බවත් පක්ෂයේ හා නායකයාගේ ගෞරවය ආරක්ෂා කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

    ගම්පහ පැවති වැඩසටහනකට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

    ජනපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරන්නේ නම් රනිල් වික්‍රමසිංහ, කරූ ජයසූරිය ඇතුළු එජාප පාක්ෂිකයින්ගේ කැමැත්ත ඇතිව සිදු කරන බවත් හැරිසන් මහතා ප්‍රකාශ කළේය.

    කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා "ඔක්කොම බත් හැලිය ඉදෙනකල් විතරයි. අපි එක පවුලේ පිරිස" යනුවෙන්ද ඔහු පැවසීය.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් විමසු ප්‍රශ්නයකට පිළිතුරු දුන් කෘෂිකර්ම අමාත්‍යවරයා.

    "මැතිවරණ කොමසාරිස්ට ඉදිරිපත් කළේ උප්පැන්න සහතිකේ ද දන්නෑනේ. ඒක ඉදිරිපත් කරන්න ඕනෙ අමෙරිකානු තානාපති කාර්යාලයෙන්. ඕවා ඇයි රටට පෙන්නන්න බැරි? ඕක සාක්කුවේ දාගෙන ඉන්න ඕනෙයෑ. මාධ්‍යට ඇවිල්ලා පුරවැසිභාවය අයින් කළා කියලා කිය්න්න ඕනෙ"

    Latest News