දංකොටුව අනතුරකින් 2ක් මරුට

අගෝ 30, 2019

    දංකොටුව,පන්නල මාර්ගයේ දංකොටුව රෝහල අසළ දී පෞද්ගලික බස් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටීමෙන් දෙදෙනෙක් මිය ගොස් තිබේ.

    මීගමුව දෙස සිට ගිරිඋල්ල දෙසට ගමන් කළ පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු හා එහි ගමන් කළ කාන්තාවක් දංකොටුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇත.

    දංකොටුව පදිංචි 59 හැවිරිදි හඳුන්කුට්ටි ආරච්චිගේ රංජිත් හා වෙල්පල්ල පදිංචි 59 හැවිරිදි කුමුදුනි ධම්මිකා ජයකොඩි යන අයයි මෙලෙස මියගොස් ඇත්තේ. තුවාල ලැබූ තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් හා කාන්තාවන් දෙදෙනෙක් රෝහල්ගත කර තිබේ. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

     

     

    Last modified on සිකුරාදා, 30 අගෝස්තු 2019 11:23

    Latest News