වැල්ලවායේ රක්ෂිත දෙකක් ගිනිගෙන විනාශයි

අගෝ 30, 2019

    වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්බොක්ක සහ දෙමටකැටිය යන රක්ෂිතවල ඊයේ(29) පස්වරුවේ ගින්නකින් හටගෙන තිබේ.

    එම ගින්නෙන් අක්කර හැත්තෑවකට වඩා වැඩි භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තාවේ. මෙම ගින්න රක්ෂිතය පුරා වේගයෙන් ව්‍යාප්ත වූ අතර ගින්න නිසා රක්ෂිතයේ ඉපැරණි ශාක සහ සතුන් රැසක්ම විනාශ වී ඇත.

    මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකයේ දැනුම් දීමකින් පසු යුද හමුදා භට පිරිසක් ගින්න නිවීම සඳහා සහභාගි වූ අතර ඊයේ රාත්‍රි වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වී තිබේ.

    ප්‍රදේශයට මේ දින වල පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ගින්න පාලනය කිරීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදු වූ බව වාර්තාවේ. කිසියම් පුද්ගලයකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලිසිය සැකපළ කරන අතර වැල්ලවාය පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

    Latest News