කැන්ටබරියේ අගරදගුරු විපක්‍ෂ නායක හමුවෙයි

අගෝ 29, 2019

    කැන්ටබරියේ අගරදගුරු අතිඋතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන් අද (29) දින විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විජේරාම නිල නිවසේදී හමුවිය.

    ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයම පිළිගත් දේශපාලන නායකයෙකු ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසීමට තමාට සතුටට කරුණක් වන බව හිමිපාණන් සඳහන් කළේය. අති උතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන් මෙරට සංචාරය කිරීමට හේතු වූයේ පසුගිය අප්‍රේල් 21 වන සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් ජනතාවගේ සුවදුක් විමසීම සහ කතෝලික ආගමික නායකයන් මුණ ගැසීමයි.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් යන මහත්වරුන්ද එක්වූහ.

    Latest News