“නිසදි” ගැන තොරතුරක් නැහැ

අගෝ 29, 2019

    අගෝස්තු මස 01 වන දින කුඩා වැල්ල ධීවර වාරායෙන් ධීවරයින් පස් දෙනෙකු සමඟ මුහුදු ගිය “නිසදි” බහු දින ධීවර යාත්‍රාව අතුරුදන්ව ඇති බව වාර්තාවේ.

    පසුගිය 10 වන දින එම යාත්‍රාවේ ධීවරයින් ගොඩබිම හා සම්බන්ධ වී ඇති අතර ඒ වන විට ඔවුන් ධීවර කර්මාන්තය නිම කොට නැවත ගොඩබිම වෙත පැමිණෙමින් සිට ඇත. තවද ඒ අවස්ථාවේ එම යාත්‍රාව පොතුවිල් මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් යාත්‍රාකරමින් සිටි බව වාර්ථාවේ.

    එම ධීවර යාත්‍රාවේ හිමිකරු වන කේ. බී. නලීන් ප්‍රදීප් කුමාර මහතා කියා සිටින්නේ දැනට දින 17ක් ගෙවී ඇති නමුත් එම යාත්‍රාව පිළිබඳව 10වනදායින් පසු මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවයි.

    මෙම බෝට්ටුවෙන් ගමන් කර ඇත්තේ ගන්දර ප්‍රදේශයේ පදිංචි (බෝට්ටුවේ නියාමක) කේ. බි. ශාන්ත (45), එච්. ඒ. පී. චමින්ද (42), කේ. බී. බන්දුලසේන (52 ), එන්. ඒ. පී. සම්පත්(36) හා මාතර මැද්දවත්ත ප්‍රදේශයේ පදිංචි එස්. අයි හෙට්ටිආරච්චි(30) යන අය වේ.

    ධීවරයින් සමඟ බහුදීන ධීවර යාත්‍රාව අතුරුදහන් වී ඇති බවට ආදළ අංශ වෙත බෝට්ටු හිමිකරු විසින් දැනුම් දි ඇත. අතුරුදහන් වු ධීවරයින්ගේ නිවෙස්වල අය පවසන්නේ කෙසේ හෝ මේ අය පිළිබදව තොරතුරක් ඔවුන් වෙත ලබා දෙන ලෙසයි.

    Latest News