දිස්ත්‍රික්ක 8කට 100-150 අතර තද වැසි

අගෝ 29, 2019

    දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වයේ තරමක වැඩි වීමක් අගෝස්තු මස 30 වැනිදා දක්වා පැවතිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින පුරා විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇති විය හැකියි.

    බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක. කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් ද ඇති විය හැක. අනුරාධපුරය, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වේ.

    ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

    දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස27වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී. අද දින (29)දහවල් 12.12ටතිරුකෙස්වරම්, වද්දකන්දල්, පලයිමොද්දෙයි, පරාක්‍රමපුර සහ කල්ලරාව යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතියි.

    Last modified on බ්‍රහස්පතින්දා, 29 අගෝස්තු 2019 07:43

    Latest News