කොළඹ ආරක්ෂක සමුළුව අද සහ හෙට

අගෝ 29, 2019

    ශ්‍රී ලංකා යුද හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ආරක්ෂක සමුළුව මෙවරත් කොළඹදී පැවැත්විමට නියමිතව තිබේ.

    අද සහ හෙට යන දෙදින තුළ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම සමුළුව පැවැත්විමට නියමිතයි. “සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාශනය වන හමුදාමය විශිෂ්ටත්ව” යන්න මෙවර සමුළුවේ තේමාව බව ශ්‍රි ලංකා යුධ හමුදාව සඳහන් කළේය.

    දේශිය හා ජාත්‍යන්තර මට්ටමේ ආරක්ෂක විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවේදී ආරක්ෂාව පිළිබඳව හා විශේෂඥ උපදේශනාත්මක දැනුම හුවමාරු කර ගැනිමට නියමිතයි.

    ජාතික කලාපීය හා ගෝලීය කරුණු ආශ්‍රයෙන් ස්ථාව වටපිටාවක් ගොඩනගා ගැනිමට අදාල ජාතක හා ජාත්‍යන්තර තලයේ විසදුම් ද මෙම සමුළුවේදි සාකච්ඡාවට භාජනය කිරිමට නියමිත බව ශ්‍රි ලංකා යුධ හමුදාව සඳහන් කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 29 අගෝස්තු 2019 08:14

    Latest News