ඉන්දීය සාගර සමුළුවට එක්වීමට අගමැති මාලදිවයිනට

අගෝ 27, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන සැප්තැම්බර් මස 02 දින මාලදිවයිනේ නිල සංචාරයක යෙදීමට නියමිත යි. ඒ, මාලදිවයින් ජනාධිපති ඊබ්රයහිම් මොහොමඩ් සෝලි මහතාගේ ආරාධනයකට අනුවයි.

    මෙම නිල සංචාරයේ දී ද්වීපාර්ශවීය සබඳතා පිළිබඳවත්, විවිධ ක්ෂේත්‍රවල නව සහයෝගීතාවන් ගොඩනගා ගැනීම සහ දෙරටට බලපාන කලාපීය සහ ගෝලීය කටයුතු පිළිබඳවත් අදහස් හුවමාරු කරගැනීමට අපේක්ෂිතයි.

    සැප්තැම්බර් මස 03 - 04 දිනවල මාලදිවයිනේ "පැරඩයිස් අයිලන්ඩ් රිසෝට්" හෝටල් පරිශ්‍රමයේ දී පැවැත්වෙන 2019 ඉන්දීය සාගර සමුළුවේ සභාපති ධුරය හොබවනු ලබන්නේ ද අග්‍රාමාත්‍ය රනිල් වික්රයමසිංහ මහතා විසිනි. ඉන්දීය පදනම් ආයතනය මෙම සමුළුව සංවිධානය කරනුයේ මාලදිවයින් රජය සහ සිංගප්පූරුවේ පිහිටි ජාත්යුන්තර අධ්යුයන පිළිබඳ එස්.රාජරත්නම් විද්යාටලයේ සහාය ඇතිවයි.

    Last modified on අඟහරුවාදා, 27 අගෝස්තු 2019 16:34

    Latest News