එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ගැන රාධ ක්‍රිෂ්ණන්ගෙන් ඉඟියක්

අගෝ 27, 2019

    ඉදිරි ජනාධිපතිවරණයේ ජනතාව බලාපොරොත්තු වන ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන බව විශේෂ සංවර්ධන අමාත්‍යය වි. රාධා ක්‍රිෂ්ණන් මහතා පවසයි.

    හොදම පාසල ලඟම පාසල සංකල්පය යටතේ නාවලපිටිය හපුගස්තලාව හල් මිනාඩ් ජාතික පාසලේ ප්‍රධාන ශාලාව සහ විදුහල්පති නිල නිවස අද (27) සිසු අයිතියට පත් කිරිමේ අවස්ථාවේදි ඔහු මේ බව කියා සිටියේය.

    එය අධ්‍යාපන අමාත්‍යංශයේ රුපියල් මිලියන 82.5 ප්‍රතිපාදන යටතේ ඉදිකර තිබේ.

    වැඩි අදහස් දැක් වු වි රාධාක්‍රිෂ්ණන් අමාත්‍යවරයා කියා සිටියේ කිසිවෙක් කලබල විය යුතු නොමැති බවත්, එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරනු ලබන්නේ ජනතාව සහ තමන්  අපේක්ෂා කරන නායකයා බවයි.

    එය එක්සත් ජාතික පක්ෂයේ කාර්ය භාරයක් බවත්, එම කාර්ය භාරය නිසි ලෙස ඉටු කරන තෙක් රටේ ජනතාව බලා සිටින බව ඔහු කියා සිටියේ.

    Last modified on අඟහරුවාදා, 27 අගෝස්තු 2019 15:51

    Latest News