දේවස්ථානයක බෝම්බ තැබීමේ සිද්ධියේ සැකකරුගේ නිවසින් ගිනි අවි කඩු කිනිසි

ජන 19, 2022

    බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු විශ්‍රාමික වෛද්‍ය අධිකාරීවරයාගේ පිළියන්දල පිහිටි නිවස තුල තිබී ගිනිඅවි සහ තියුණු ආයුධ රැසක් අද සොයා ගෙන තිබේ.

    ඒ කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් එම ගිනි අවි අතර පිස්තෝල හතරක් රිවෝල්වර එකක් කඩු දෙකක් රම්බෝ පිහියක් සහ හඳුනාගත නොහැකි ගිනි අවියක්ද තිබෙන බවයි පොලිසිය පවසන්නේ. දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය කාමර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී වෛද්‍යවරයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වුනා. ඒ අනුව ඊයේ රාත්‍රියේ එම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    Latest News